එක්සත් නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඉල්ලා අස්වී තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් වහා ඉල්ලා අස්වන ලෙස පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය මහින්ද අමරවීරට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට පසුගියදා දැනුම් දෙනු ලැබුවා.
ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් භාර ගැනීම හේතුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉවත් කෙරුණු අතර පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල එම තනතුරට පත් කෙරුණා.
ඊට එරෙහිව අමාත්‍ය මහින්ද අමරවීර අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර මහ ලේකම්වරු දෙදෙනාම පිළි නොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී තිබුණා.
ඒ අනුව නව සන්ධානය සඳහා බුලත් කොළය ලකුණ සහිත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කරන්නේ නම් මොවුන් දෙදෙනාම ඉවත්ව නව ලේකම්වරයෙකු පත් විය යුතු බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ.

