ඉන්දියාවේ ප්‍රබල විපක්ෂයක් වන Jharkhand Mukti Morcha (JMM) පක්ෂයේ නායක හේමන්ත් සෝරන්ව ඉන්දියාවේ මුල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව දූෂණ චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ මහ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.
පැය හතක ප්‍රශ්න කිරීම්වලින් පසුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහු විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ද ගොනු කර ඇති අතර එහි නඩු ඇසීම ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දීය හමුදාව සතු ඉඩම් නීති විරෝධී ලෙස විකිණීමෙන් ලද මුදල් වලින් දේපල මිල දී ගැනීම ඔහුට එල්ල වන ප්‍රධානම චෝදනාව ලෙසයි දැක්වෙන්නේ.
කෙසේවෙතත් ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

