හිරු බසිනා වෙලාවේ දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය මුහුදු තීරයේ දිය නෑමට ගිය කාන්තාවකට මෝරෙකු විසින් පහර දී තිබෙනවා.
මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි Lauren O’Neill නම් වන කාන්තාව වන අතර මෝරා ඇයගේ කකුල සපා කා තිබෙනවා.
එම සපා කෑම් හේතුවෙන් ඇයගේ කකුලේ අස්ථියක් බිඳී ඇති අතර බරපතල තුවාල ලබා ඇයව රෝහල් ගත කර තිබෙනවා.
එම සපා කෑම් සලකුණු මත පදනම්ව රෝහල් විශේෂඥයන් නිගමනය කර ඇත්තේ bull shark වර්ගයේ මෝරෙකු මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය bull shark මෝරුන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් ලෙස හඳුනා ගෙන ඇති අතර 2023 වසරේ දී එහි මෝර ප්‍රහාර 14ක් සිදු වී තිබෙනවා.
කෙසේවෙතත් එම ප්‍රහාර වලින් බහුතරය මාරාන්තික නොවන ඒවා බවයි වාර්තා වෙන්නේ.


