145 වැනි නීල මහා සටනට දින නියම වෙයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත මහා ක්‍රිකට් සංග්‍රාමය වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වැනි නිල් මහා සටනට දින නියම වී තිබෙනවා.

ඒ අනුව මෙවර තරඟාවලිය ලබන මාර්තු 7, 8, 9 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

එසේම විද්‍යාල දෙක අතර “මස්ටෑන්ග් කුසලානය” වෙනුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික එක්දින තරගය නිල් මහා සටනට පසුව එළඹෙන මාර්තු 16 වැනිදා පවත්වනු ලබනවා.