මිනිස් මොළයට සාර්ථකව චිප් එකක් බද්ධ කරයි

Elon Musk ගේ Neuralink ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොලයට රැහැන් රහිත chip එකක් බද්ද කර තිබෙනවා.

අංශභාග රෝගියෙකුට මෙම අත්හදා බැලීම සිදු කර තිබෙන අතර එහි දී ඔහුගේ මොළයට සහ කොඳු ඇට පෙළට මෙම විද්‍යුත් චිප් එක සම්බන්ධ කිරීමෙන් සිතීමෙන් පමණක් ඇවිදීමට සාර්ථකව හැකි වී තිබෙනවා.

Neuralink හි පළමු නිෂ්පාදනය Telepathy ලෙස නම් කර ඇති බවයි Elon Musk සඳහන් කර ඇත්තේ.

එය මොලයට සම්බන්ධ කිරීම හරහා මොලයේ විද්‍යුත් තරංග ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කළ හැකි වන අතර ඒ හරහා වෙනත් බාහිර උපකරණ ද අල්ලිමකින් තොරව ක්‍රියාත්මක කරවීමේ හැකියාවක් පවතිනවා.

අංශභාගය වැනි රෝගවලින් පෙලෙන පුද්ගලයන් සඳහා අනෙක් පුද්ගලයන් මෙන්ම තම කටයුතු සිදු කර ගැනීමේ පහසුකම සැලසුම මෙම Telepathy Chip එකෙහි අරමුණ ලෙස දක්වනවා.

මෙම අත්හදා බැලීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේද (FDA) අනුමැතිය ලැබී ඇති බව සඳහන්.