මහින්ද සහ තිලංග ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක

එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙපිරිස ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඊයේ පැවැත්වුණු පොදුජන එක්සත් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ සලකුණ ලෙස පුටුව ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ද එහි දී තීරණය වී ඇති බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් මෙලෙස මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන අයට සිය ධුරවලින් ඉල්ලා අස් වන ලෙස හිටපු ජනාධිපතිවරයා දැනුම් දෙනු ලැබුවා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“අද ප්‍රධාන වශයෙන් පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව තමා කැඳවුයේ. ඒ කියන්නේ පුටුව ලකුණින්. පොදුජන එක්සත් පෙරමුණ විදියට පුළුල් සංවිධානයක් හදනවා. දැනටම දේශපාලන පක්ෂ රාශියක් සහ පුද්ගලයින් ඉල්ලීම් කරලා තියෙනවා ඇතුළු වෙන්න. ඒ අනුව අපි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට තියෙනවා. අපේ පක්ෂ මුලස්ථානයේ ඒ ව්‍යවස්ථා සංශෝධනය අපි කරගන්නවා. ව්‍යවස්ථා සංශෝධනය කරගෙන සතියකට විතර පස්සේ බලාපොරොත්තු වෙනවා අලුත් නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්න පොදුජන එක්සත් පෙරමුණට. බුලත්කොළේ ලකුණට දැන් නඩුනේ. මහින්ද අමරවීරයි තිලංග සුමතිපාලයි. අද නම් කිව්වා අපිට භාරදෙනවා කියලා. අපි බලාපොරාත්තු වෙනවා නඩු දාගෙන ඉන්න දෙන්නා ඉල්ලා අස්වෙලා බුලත්කොළේ සන්ධානය ගන්නත්.”