2023/ 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීම ලබන පෙබරවාරි පළමුවෙනිදා සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එදින පෙරවරු 08.30 සිට 11.40 දක්වාත් පළමු කොටස එදින පස්වරු 01 සිට 3 දක්වාත් පැවැත්වෙනු ඇත.
එම නව විභාගය සඳහා පෙනී සිටීමට අදාළ ප්‍රවේශ පත්‍රය මේ වන විටත් නිකුත් කර ඇති අතර එය ලැබී නොමැතිනම් පමණක් www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.
කෙසේවෙතත් විභාග අපේක්ෂකයින් අවලංගු වූ විභාගය සඳහා පෙනී සිටින මධ්‍යස්ථානයේම නව ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටින්නේනම් එලෙස ප්‍රවේශ පත්‍රය අවශ්‍ය නොවන බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මෙවර උසස් පෙළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

