සෆාරි ජීප් රථ ගාස්තුවත් ඉහළට

යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත පවසනවා.

මෙම ගාස්තු ඉහළ දැමීම ලබන පෙබරවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව සෆරි ජීප් රථ සඳහා යොදාගන්නා ටොයෝටා හයිලැක්ස් සහ මිට්ෂුබිෂි රථයක පැය 4 ක සංචාරයක ගාස්තුව රුපියල් 13,000 සිට රුපියල් 15,000 ක් දක්වා ද, දිනක සංචාරක ගාස්තුව රුපියල් 28,000 සිට 30,000 දක්වා ද, ඉහළ දමා තිබෙනවා.

තවද මහේන්ද්‍රා මැක්සි සහ ටාටා රථයක පැය 04ක සංචාරයක ගාස්තුව රුපියල් 11,000 සිට රුපියල් 13,000 ක් දක්වා ද, දිනක සංචාරයක ගාස්තුව රුපියල් 26,000 සිට 28,000 දක්වා ද, ඉහළ යනු ඇත.