2023 වසරේ අපනයන ආදායම සුළු වශයෙන් පහත වැටි ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ අනුව 2023 වසරේ මුලු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.94 ක් ලෙස සටහන් වී ඇති අතර එය 2022 වසරට සාපේක්ෂව 0.39% ක පහත වැටීමක් වනවා.
සමස්ත අපනයන ආදායමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 11.85 ක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති අතර ඉතිරි බිලියන 3.08 උපයා ඇත්තේ සේවා අපනයනය මගිනි.

