සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 3කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ Sikandar Raza ලකුණු 62ක්ද, Tinashe Kamunhukamwe ලකුණු 26ක්ද, Sean Williams ලකුණු 14ක්ද ලබා ගත් අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 143ක ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 144ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Angelo Mathews ලකුණු 46ක්ද, Dasun Shanaka ලකුණු 26ක්ද, Kusal Mendis සහ Kusal Perera ලකුණු 17බැගින්ද, Charith Asalanka ලකුණු 16ක්ද ලබා ගත්තා.
නායක වනිඳු හසරංග පන්දු යැවීමේ දඩි කඩුලු 2ක් දවා ගත් නමුත් කිසිදු ලකුණක් රැස් කර ගැනීමට සමත් වූයේ නැහැ.


