කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළට

කැසිනෝ බලපත්‍ර ලබා ගැනීමේ සහ අලුත් කිරීමේ ගාස්තුව සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම සංශෝධන 2024 ජනවාරි මස 01 දින සිට බලපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් නව බලපත්‍ර ගාස්තුව ලෙස රුපියල් බිලියන 10ක් සහ බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් බිලියන 10ක් ගෙවිය යුතු වනවා.

එමෙන්ම ඩොලර් මිලියන 500 ට අඩු ආයෝජන සඳහා බලපත්‍ර ගාස්තු රුපියල් බිලියන 5 ක් වන අතර බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව රු. බිලියන 10 කි.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්,

No description available.

No description available.