ඊශ්රායලය සහ ගාසා තීරයේ හමාස් සංවිධානය අතර පවතින යුද්ධයට අද එනම් ජනවාරි 14 වන දා ට දින 100ක් සපිරෙනවා.
2023 ඔක්තෝම්බර් මස 07 වන දා හමාස් සංවිධානය විසින් ඊශ්රායලයට රොකට් ප්රහාරයක් එල්ල කිරීමෙන් සහ ඊශ්රායල ජාතිකයන් පිරිසක් ප්රාණ ඇපයට ගැනීමත් සමඟ මෙම යුද්ධය ආරම්භ වුණා.
එලෙස හමාස් සංවිධානය විසින් රැගෙන ගිය ප්රාණ ඇපකරුවන්ගෙන් පිරිසක් විටින් විට පැවැත්වුණු සටන් විරාමයන් හි දී නිදහස් කෙරුණු නමුත් මේ වන විටත් තවත් ප්රාණ ඇපකරුවන් 130 ක් පමණ හමාස් භාරයේ සිටින බවයි ඊශ්රායල ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.
ඉන් පසුව ඊශ්රායල හැමදා විසින් ගාසා තීරයට ප්රහාර එල්ල කිරීම ආරම්භ කර අතර ඔවුන් සිවිල් වැසියන් ගාසා තිරයේ විවිධ ප්රදේශ වලින් ඉවත් කරමින් හමාස් සංවිධානයේ මරමස්ථාන වලට ඉතා දරුණු ප්රහාර එල්ල කරනු ලැබුවා.
මේ වන විට ඊශ්රායල සහ හමාස් සංවිධානය අතර ගැටුම් පවතිනවා.
එම ගැටුම් හේතුවෙන් ගාසා තිරයේ 23,000කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර තවත් බොහෝ දෙනා අවතැන් වී සහ තුවාල ලබා සිටිනවා.
ඊශ්රායල ගුවන් සහ ගොඩබිම් ප්රහාර හමුවේ ගාසා තීරයේ බොහෝ සිවිල් වැසියන් අවම පහසුකම්වත් නොලබමින් කඳවුරු වල මේ වන විට ජිවත් වනු ලබනවා.
කෙසේවෙතත් ඊශ්රායල අගමැති සඳහන් කරන්නේ ගාසා තීරයෙන් හමාස් සංවිධානය සම්පූර්ණයෙන් අවසන් කරන තෙක් මෙම ප්රහාර නොනවත්වන බවයි.
මේ හේතුවෙන් මෙම යුද්ධය 2024 වසරේ බොහෝ කාලයක් ද පවතිනු ඇති බවයි විචාරකයන් සඳහන් කරන්නේ…

