රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.07 ක් ලෙස සහ විකුණුම් මිල රු. 327.64ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී ඇත.