කාන්තාවන් සහ ළමුන් විසිඅට ලක්ෂයකට පෝෂණ ඌනතා

මෙරට කාන්තාවන් සහ ළමුන් විසි අට ලක්ෂයක් පමණ පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව යුනිසෙෆ් සංවිධානය පවසා ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තව දින 201ක් ඇතුලත ආණ්ඩුවේ ඉරණම ජනතා අධිකරණය හමුවේ විසඳෙනු ඇති බවයි.

මේ ඔහු දැක්වූ වැඩිදුර අදහස්,

“මේ අවුරුද්දේ පළවෙනිදා ජනතාව ඇහැරෙන කොටම වැට් බද්ද ජනතාවගේ බඩට තට්ටු කරන්නට පටන් ගත්තා.මේ බදු ගහන්නේ ආර්ථික පීඩනයෙන් මිරිකුණු ජනතාවටයි. රෝගයක් උත්සන්න වන තුරු ජනතාව අද බෙහෙත් ගන්නේ නැහැ.ඉස්සර උණකට හෙම්බිරිසාවකට බෙහෙත් ගත්ත අය අද නිවුමෝනියාව එනතුරු බෙහෙත් නොගෙන කල් මරමින් සිටිනවා”