2024 මුල් සතියේ ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වෙයි

මෙම වසරේ පළමු සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 0.5% කින් අතිප්‍රමාණ වී තිබෙනවා.

එසේම මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල ඉන්දීය රුපියලට 0.6% කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 2.8කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට බින්දුවයි දශම අටකින් සහ යුරෝවලට සාපේක්ෂව සියයට 1.6කින් ද අතිප්‍රමාණ වී තිබෙනවා.