උතුරු ගාසා තීරයේ සිටි හමාස් අණ දෙන නායකයන සියල්ල ඝාතනය කිරීමට සශ විසිරුවා හැරීමට ඊශ්‍රායල හමුදා සමත් වී තිබෙනවා.
හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සඳහන් කර ඇත්තේ උතුරු ගාසා තීරයේ දැන් හමාස් ක්‍රියාකාරිත්වයක් නොමැති තරම් වන බවත්, ඔවුන් ක්‍රියාත්මක වන්නේ අණ දෙන නිලධාරීන් කිසිවෙක් ගේ මඟ පෙන්වීමකින් තොරව බවත් ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ උතුරු ගාසා තීරයේ වූ හමාස් සටන්කාමීන් 8,000ක් පමණ ඊශ්‍රායල හමුදා විසින් ඝාතනය කර ඇති බවයි.
මේ වන විට ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ වල සිටින හමාස් සටන්කාමින් විසිරුවා හැරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වූ පසුගිය ඔක්තෝම්බර් 7 වන දා සිට මේ දක්වා කාලය තුළ පලස්තීන වැසියන් 22,000 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර මිලියන 2.3ක් වූ ජනගහනයෙන් වැඩි පිරිසක් අවතැන් වී තිබෙනවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යළිත් අවධාරණය කර ඇත්තේ හමාස්ස් සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් පසුව පමණක් මෙම සටන් නවත්වන බවයි.

