ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කරයි

ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු මොලේ උණ (meningitis)රෝගය වැළඳි මියගිය බව තහවුරු වීම හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් (මෙහහෙයුම් හා බුද්ධි ) මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ සෞඛ්‍ය නිර්දේශයන් අනුව මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, ගාල්ල බන්ධනාගාරයට ගෙන එන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නියෝගය කර තිබේ.

එසේම අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.