දේවගැති ජෙරම් ට ඇප

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබේ.

ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මතය.

කෙසේ වෙතත් ඔහුගේ විදේශ ගමන් තහනම තවදුරටත් බලපැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

මතභේදයට තුඩුදෙන ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ දේවගැතිවරයා ගිය වසරේ මැයි මාසයේදී පිරී ඉතිරී ගිය සභාවක් ඉදිරියේ බුදු රජාණන් වහන්සේ ගැන මෙන්ම ඉස්ලාම් සහ හින්දු ආගම පිළිබඳ අවමන් සහගත ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.