ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මරුට

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් හමාස් නියෝජ්‍ය නායක Saleh al-Arour මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ලෙබනනයේ දකුණු බීරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ගොස් තිබෙනවා.

ලෙබනන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් හමාස් හි නියෝජ්‍ය දේශපාලන නායකයෙකු වන අරූරි, හමාස් සංවිධානයේ හමුදාපතිවරුන් දෙදෙනෙකු සහ තවත් සාමාජිකයින් හතර දෙනෙකු සමඟ තවත් හය දෙනෙකු මිය ගොස් ඇති බවයි.

Saleh al-Arour හමාස් සංවිධානය සහ හිස්බුල්ල සංවිධානය අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරමින් ලෙබනනයේ සිටින අවස්තාවක දී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

හමාස් සංවිධානය විසින් මෙම ඝාතනය හෙලා දැක තිබෙන අතර ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් සඳහන් කර ඇත්තේ මෙලෙස ලෙබනනය තුළ ප්‍රහාර දියත් කිරීම ලෙබනනයේ ස්වෛරීත්වයට පහරදීමක් බවයි.

එසේම ලෙබනනයේ අගමැති අවධාරණය කර ඇත්තේ මෙය ලෙබනනය ද ගැටුමට ඇද දැමීමට සිදු කරන උත්සාහයක් බවයි.

Lebanese emergency responders gather at the site of a strike, reported by Lebanese media to be an Israeli strike targeting a Hamas office, in the southern suburb of Beirut on January 2, 2024.

Lebanese emergency responders gather at the site of a strike, reported by Lebanese media to be an Israeli strike targeting a Hamas office, in the southern suburb of Beirut on January 2, 2024.