නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් නවසීලන්තයේ වෙලින්ටන් හි මෙම මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇති බවයි රජය පෙන්වා දෙන්නේ.
ඒ අනුව කටයුතු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

