ඔයත් introvert කෙනෙක් ද නැත්ද කියලා හරියටම දැන ගමු ද ?

අද ජනවාරි දෙවෙනිදා… හරියටම අලුත් අවුරුද්ද උදා වෙලා එක දවසක් ගිහින්…ඉතින් අද දවස අන්තර්වර්තික අයට එහෙමත් නැත්නම් introvert අයට වෙන් කරලා තියෙන දවසක්…

දැන් මේක කියවන ඔයා සමහර විට අනික් අය වැඩිය ආශ්‍රය කරන්න තියෙන අකමැත්ත, තනියෙන් ඉන්න තියෙන කැමැත්ත වගේ කරුණු නිසා තමන් introvert කෙනෙක් වෙන්න ඇති කියලා හිතනවා ඇති..

ඒ වගේම සමහර අයට තමන් ඇත්තටම introvert කෙනෙක් ද කියලා ප්‍රශ්නයකුත් ඇති…මොකද සමහර අය ඉන්නවනේ දන්නේ නැති කෙනෙක් එක්ක වැඩිය කතා කරන්නේ ආශ්‍රය කරන්නේ නැති වුණාට තමන්ට ගොඩක් fit අය එක්ක මාරම extrovert වෙන..

ඒ නිසා තමන් හරියටම introvert ද නැත්ද කියලා සැකයෙන් නම් ඉන්නේ ඒ දේ බලා ගන්න පොඩි test එකක් කරලා බලමු අපි…

ඉස්සෙල්ලම කියන්න ඕනි මේ ප්‍රශ්න වලට ඔයා අවංකවම උත්තර හිතන්න ඕනි… ඒ වගේම තමයි මේකෙන් තියෙන ප්‍රතිඵල 100% ක ම නිවැරදි කියලා කියන්නත් බැහැ…

ඒ වුණාට ඔයාට ඔයා ගැන idea එකක් ගන්න මේ ප්‍රශ්න උදව් වෙයි…

එහෙනම් අපි බලමු මොනවා ඒ ප්‍රශ්න කියලා…

ඔයාට තියෙන්නේ මේ ප්‍රශ්න වලට ඔයාට සුදුසුයි කියලා හිතෙන උත්තර තෝරලා ඒකෙ අකුර කොලයක සටහන් කර ගන්න එක… අනිවාර්යයෙන් සටහන් කර ගන්න නැත්නම් අන්තිම ප්‍රශ්නේ බලනකොට පලවෙනි ප්‍රශ්නේ උත්තරය අමතක වෙයි..

1. හිතන්න ඔයා දන්නේ නැති කෙනෙක් ඔයාට එයාගේ හිතේ දුක එයා විනාඩි 05ක් වගේ කාලයක් කියනවා කියලා. ඒ කියන අතර මැදදී ඊට පස්සේ ඔයා ගන්න පියවර මොකක්ද?

A. දිගටම ඒක අහ ගෙන ඉන්නවා
B. ඔයාට වැඩක් ඔයා busy කියලා මග හරිනවා.
C. එයාව සනසන්න උත්සාහ කරනවා
D. එයා එක්ක දිග සංවාදයක් කරන්න සූදානම් වෙනවා.

2. ඔයා ඔයාගේ යාළුවගේ ගෙදර ගිහින් දොර අරිනකොට එයාගේ ගෙදර ලොකු party එකක් තියෙනවා.. එතන ඔයා දන්නා කවුරුවත් නැහැ..ඔයාගේ යාළුවා පේන්නත් නැහැ.. එහෙම අවස්තාවක ඔයා මොකද කරන්නේ?

A. ඉක්මනට දොර වහලා කවුරුත් නැති තැනකට ගිහින් යාලුවට call එකක් ගන්නවා.
B. party එක තියෙන තැනට ගිහින් සෙනග අස්සේ යාළුවව හොයනවා.
C. party එකට ගිහින් යාළුවා එනකම් එතන තනියෙන් ඉන්න කෙනෙක් එක්ක කතාවක් දා ගෙන ඉන්නවා.
D. එකට ඉන්න කට්ටියක් මැදට ගිහින් එයාල එක්ක dance කරන්න, enjoy කරන්න ගන්නවා..

03. හිතන්න ඔයා plane එකේ හෝ train එකේ ටිකක් ලොකු වෙලාවක් යන ගමනක් යනවා. ඔයාගේ ළඟ ඉන්න seat එකේ ඉන්නේ ඔයා දන්නේ නැති කෙනෙක්.. ඔයා මොකද කරන්නේ?

A. පොතක් කියෝනවා… සින්දුවක් අහනවා.. නිදා ගන්නවා.
B. එයාල එතන නැහැ වගේ ඔයා ඔයාගේ පාඩුවේ ඉන්නවා
C. එයා එක්ක පොඩි වෙලාවක් කතා කරලා එයාගේ විස්තර අහනවා.
D. ගමනාන්තය වෙනකම් ම එයා එක්ක කතා කරනවා… එකට සින්දු අහනවා.. කෑම හුවමාරු කරනවා.

04. ඔයා group project එකක් කර ගෙන ඉන්න ගමන් ඔයාගේ කණ්ඩායමේ සාමාජිකයෙක් ඉදිරිපත් කරන අදහසකට ඔයා එකඟ නැහැ.. ඔයා ඒ වෙලාවේ..

A. කමක් නැහැ කියලා සද්ද නැතිව ඉන්නවා.
B. ඔයා එකඟ නැහැ කියලා කියනවා එත් එයාල දිගටම ඒ මතයම ඉදිරිපත් කරනවා නම් සද්ද නැතුව ඉන්නවා.
C. එයා කොච්චර එයාගේ මතය හරි කියලා කෑ ගැහුවත් දිගටම තමන් එකට එකඟ නැහැ කියලා strong විදිහට කියනවා.
D. එයාගේ මතයට විරුද්ධව කණ්ඩායමේ අනික් අයවත් උත්සුක කරවලා එයාලට තමන්ගේ මතය ඉදිරිපත් කරනවා.

05. ඔයාට මේ weekend එකේ නිවාඩුවක් තියෙනවා.. ඒ නිවාඩුවේ ඔයා?

A. ගෙදරට වෙලා තනියෙම හොඳට නිදා ගන්නවා.
B. ගෙදර ළග තියෙන park එකකට තනියෙම ගිහින් විනෝද වෙනවා.
C. ඔයාගේ යාලුවෙක් එක්ක කෑමකට එළියට යනවා.
D. ඔයාගේ යාළුවො කණ්ඩායමක් එක්ක trip එකක් යන්න plan කරනවා

06. හිතන්න ඔයා ඔයාගේ ජිවිතේ වැදගත්ම තීරණයක් ගන්න යන්නේ. ඒ තීරණය ගොඩක් ම වැදගත් ජිවිත කාලයටම බලපාන තීරණයක්. ඒ වගේ අවස්ථාවක ඔයා ..?

A. ඔයාට හරියට තීරණයක් හිතා ගන්න බැරි නිසා ඔයා satise නැති තීරණයක් ඒ සම්බන්ධයෙන් ගන්නවා.
B. ඔයා දන්න වෙන කෙනෙක් ට ඔයා වෙනුවෙන් ඒ තීරණය අරන් දෙන්න කියලා කියනවා.
C. ඔයා තනියෙන් තීරණයක් ගන්නවා…ඒ වුණාට ඒ තීරණය නිසා මොකක් වෙයි ද කියලා හරියටම sure එකක් නැතිව ඉන්නවා.
D. ඉක්මනට තීරණයක් අර ගෙන ඒ තීරණය හරහා ඉක්මනින් ක්‍රියා කරන්න පටන් ගන්නවා.

07. ඔයාගේ හොඳම යාළුවා නරක පුරුද්දක් පුරුදු වෙලා. උදාහරණයක් විදිහට ඔයාගේ යාළුවා බීමට ඇබ්බැහි වෙලා කියලා හිතන්න.. එහෙම වෙලාවක ඔයා ගන්න පියවර මොකක්ද?

A. ඕනි නැති ප්‍රශ්න දා ගන්නේ නැතුව සද්ද නැතුව මොකුත් කියන්නේ නැතුව ඉන්නවා.
B. ශේප් එකේ එයාට බොන එක නතර කරන්න කියනවා.
C. ටිකක් තදින් එයා බොන එකට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.
D. එයාට සැර කරලා එයා බොන එක නතර කරනකම් බනිනවා.

08. ඔයා හිතන විදිහට ඔයා ගැන ඔයාගේ වටේ ඉන්න අය කොච්චරක් දන්නවද?

A. ඔයාගේ ලගම ඉන්න යාළුවො පවා ඔයා ගැන හැමදේම දන්නේ නැහැ
B. ඔයාගේ ලඟම යාළුවො කිහිප දෙනෙක් විතරයි දන්නේ
C. ඔයාගේ ගෙදර අය සහ ඔයාගේ ගොඩක් යාළුවො
D. ඔයා ඔයාගේ social media වල ඔයාගේ දවස ගැන හැමදේම දානවා.

09. ඔයාට ඔයා විතරක් ඉන්නකොට bored වෙන්නේ නැතුව කාලය ගෙවන්න පුලුවන්ද?

A. ඔයා තනියෙන් ඉන්නකොට විතරයි ඔයාට සතුටක් සැනසීමක් හිතෙන්නේ.
B. ඔයාට තනියෙන් ඉන්නකොටත් bored වෙන්නේ නැතුව ඉන්න පුළුවන්
C. තනියෙන් නම් ඉන්නේ ලඟම යාලුවෙක් එක්ක කතා කරනවා, එයාල හම්බ වෙන්න යනවා.
D. ඔයාට තනියෙන් ඉන්නකොට කිසිම විදිහේ සතුටක් නැහැ… ගොඩක් කට්ටිය එක්ක ඉන්නම ඕනි…

අන්තිම ප්‍රශ්නය…

10. ඔයා පුස්තකාලයේ පොතක් කියෝ කියෝ ඉන්නවා…ඔයාගේ පුටුවට පුටු දෙකක් වගේ දුරින් ඔයා අදුරන්නේ නැති කෙනෙක් ඉඳ ගන්නවා.. එතකොට ඔයා?

A. එයාට hi එකක් කියලා ආයෙමත් ඔයා ඔයාගේ පොත කියවන්න ගන්නවා.
B. ටිකක් විනාඩි පහක් වගේ දුරින් ඉඳන් කතා කරනවා.
C. එක එක මාතෘකා ගැන දිගට කතා කරනවා… එත් දුරින් ඉඳන් දන්නේ නැති කෙනකේ එක්ක කතා කරනවා වගේ.
D. ඔයා එයාගේ ළඟ පුටුවට ගිහින් ගොඩක් කල් ඉඳන් දන්න කෙනකේ හමන වුනා වගේ එයා එක්ක කතා කරනවා.

ඉතින් එහෙනම් ප්‍රශ්න ටික ඉවරයි… දැන් ඔයාල මේ ප්‍රශ්න ටිකට උත්තර ටික ලියා ගත්ත කොළේ අර ගෙන ඔයාගේ උත්තර ටික බලන්න…

අපි ලේසි වෙන්න එක එක අකුරට points දෙමු.
A – 1 point
B – 2 points
C – 3 points
D – 4 points

දැන් ඔයාගේ තියෙන ඔක්කොම points ටික එකතු කර ගන්න. ඊට පස්සේ අපි ලකුණු අනුපිලිවෙලට කාණ්ඩ 04කට බෙදමු..

01 කාණ්ඩය – ලකුණු 10 – 18
02 කාණ්ඩය – ලකුණු 19 – 26
03 කාණ්ඩය – ලකුණු 27 – 34
04 කාණ්ඩය – ලකුණු 35 – 40

ඔන්න ඔයාල 01 කාණ්ඩයේ නම් ඉන්නේ ඔයා සම්පූර්ණයෙන් ම වගේ introvert කෙනෙක්.. ඔයා කැමති තනියෙම ඉන්න.. ඒ වගේම ඔයාට ඉන්නේ යාළුවො පොඩ්ඩ දෙනයි. කොහොම වුණත් introvert කියන එක ටිකක් සංකීර්ණ ගොඩක් ලොකු පරාසයකට විහිදිලා යන මනෝ මට්ටමක්… ඇත්තටම ඒක එක්තරා ආකාරයක සුන්දර දෙයක්..

ඔයා 02 කාණ්ඩයට නම් අයිති වෙන්නේ ඔයාගේ introvert වගේම extrovert ලක්ෂණත් තියෙනවා. හැබැයි ඒ දෙකෙන් වැඩියෙන් ම තියෙන්නේ introvert ලක්ෂණ.. ඔයාටත් අලුත් මිනිස්සු එක්ක ගනුදෙනු කරන එක වෙහෙසකාරී දෙයක්… ඒ වුණත් ඔයා ඔයාගේ ලගම යාළුවො එක්ක කාලය ගත කරන්න කැමතියි.

ඔයා අයිති වෙන්නේ 03 වෙනි කාණ්ඩයට නම් ඔන්න ඔයා ටිකක් extrovert පැත්තට බර කෙනකේ. සම්පූර්ණයෙන් ම extrovert කෙනෙක් නෙමෙයි හැබැයි, ඔයාගේ පොඩි පොඩි introvert ලක්ෂණත් තියෙනවා. ඔයා අලුත් මිනිස්සු හම්බ වෙන්න, එයාල එක්ක වැඩ කරන්න ආසයි..

ඉතින් ඔයා අයිති වෙන්නේ 04 කාණ්ඩයට නම් ඔයා 100%ක් ම වගේ extrovert කෙනෙක්… එතකොට ඔයාට නම් අද දවස සමරන්න ඔන්න කොහෙත්ම අයිතියක් නැහැ ඔන්න… හිකිස්…

ඉතින් ඔයා මේ අතරින් අයිති වෙන්නේ මොන කාණ්ඩයට ද? අනිවාර්යයෙන් මේ පොස්ට් එකේ අපේ facebook සහ twitter page වල comment එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවො එක්ක මේක share කරලා එයාල මේ මොන කාණ්ඩයට ද වැටෙන්නේ කියල බලන්න…

එහෙනම් happy introverts dayyy !