අද සිට ක්රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව IOC සහ සයිනොපෙක් සමාගම් ද සිය ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව සංශෝධිත IOC මිල ගණන් පහත පරිදි වේ.
- ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366කි.
- පෙට්රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464කි.
- ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358කි.
- සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 475කි.
- භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236කි.
- පෙට්රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464කි.
- ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358කි.
- සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 475කි.
- භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක්
සංශෝධිත සයිනොපෙක් ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ.
- ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.
- ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි.

