රේගුව විසින් ඉතිහාසයේ ලබා ගත් වැඩිම ආදායම උපයා ගැනීමට ගෙවුණු 2023 වසරේ දී සමත් වී තිබෙනවා.
රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 970 ක ආදායමක් පසුගිය වසරේ දී ලබා දී ඇති බවයි.
මීට පෙර උපයා ගත් වැඩිම ආදායම 2018 වසරේදී වාර්තා වී ඇති අතර එය රුපියල් බිලියන 923ක් ලෙස දැක්වෙනවා.
මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය වසරට අදාළව රේගුවට රුපියල් බිලියන 1217ක ආදායම් ඉලක්කයක් ලබා දී තිබුණ නමුත් පසුව ආනයන සීමා සැලකිල්ලට ගෙන එම ඉලක්කය රුපියල් බිලියන 893 දක්වා සංශෝධනය කරනු ලැබුවා.

