අද සිට ක්රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,740කි.
එසේම කිලෝග්රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 1,900කි.

