අද සිට ක්රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුවද බස් ගාස්තු සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ ජාතික බස් ගාස්තු ප්රතිපත්තියේ මිල සූත්රයට ගැලපූ විට සමස්ත කිලෝමීටර් 1ක ධාවන පිරිවැය ඉහළ ගොස් ඇත්තේ සියයට 2.01 කින් පමණක් බැවින් බස් ගාස්තු ඉහළ නොදමන බවයි.
මේ ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය.


