ලබන පෙබරවාරි මාසයේ සිට පාසල් ප්රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්රවාහන සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති ලලිත් ප්රනාන්දු මහතා පවසා සිටියේ, පාසල් ආරම්භයේ දී එම ප්රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවය.
නව වැට් සංශෝධනය අද (01) සිට ක්රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් මිල ද ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

