යුක්තියේ මෙහෙයුම යටතේ තවත් 1,467ක් අත්අඩංගුවට

ඊයේ සිට අද අලුයම 3 දක්වා ක්‍රියාත්මක කරන ලද යුක්තියේ මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 1,467 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී හෙරොයින් 460g, අයිස් මත්ද්‍රව්‍ය 653g,ගංජා කිලෝ 03යි ග්‍රෑම් 637ක්, ගංජා පැළ 103,793 ක්, මාවා 342g සහ මත්පෙති 562 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 56 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 51 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

එසේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 164 දෙනෙකු මෙදින මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්

පසුගිය 17 වන දින සිට මේ දක්වා සිදු කළ යුක්තියේ මෙහෙයුම්වලදී සැකකරුවන් 15,222ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.