එළැඹෙන සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව පසුගියදා නම් කරනු ලැබුවා.
මෙම සංචිත දෙක සඳහා ක්‍රීඩකයින් 21ක් සහ 22ක් නම් කර තිබෙන අතර ඒ අනුව එක්දින ලෝක කුසලානයට සහභාගී නොවූ ක්‍රීඩකයින් රැසක් එක්දින සහ පන්දුවාර 20 සංචිත සඳහා නම් කර තිබෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මඟින් වාර්තා වනවා.
ආබාධයක් හේතුවෙන් ලෝක කුසලානය අහිමිව ගිය වනිඳු හසරංග මෙම තරගාවලියේ සිට යළි ක්‍රිකට් පිටියෙට පිවිසෙන අතර මීට අමතරව අවිශ්ක ප්‍රනාන්දු, ,නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ යළි ශ්‍රී ලංකා සීමිත පන්දුවාර සංචිතයන්ට කැඳවා තිබෙනවා.
එමෙන්ම අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී දස්කම් පෑ ජනිත් ලියනගේ,අකිල ධනංජය,ජෙෆ්රි වැන්ඩර්සේ,අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ චාමික ගුණසේකර ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එක්දින ලෝක කුසලානයට සහභාගී වූ ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දුෂාන් හේමන්ත සහ කසුන් රාජිත සිම්බාබ්වේ එක්දින සහ පන්දුවාර 20 සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
සිම්බාබ්වේ තරගාවලියේ ආරම්භයට තවත් දින 10 ඉතිරිව තිබුණත් ඊට සහභාගිවන ශ්‍රී ලංකා නිල සංචිතය මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.

