Parasite චිත්‍රපටයේ රඟපාන ලද චරිතය වෙනුවෙන් මහත් ප්‍රසිද්ධියක් අත් කර ගෙන සිටින ඔස්කාර් සම්මාන ලාභියෙකු වන දකුණු කොරියානු නළු Lee Sun-kyun සියදිවි නසා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
48 හැවිරිදි ඔහුගේ සිරුර මධ්‍යම සෝල් නගරයේ උද්‍යානයක් අසල ඔහුගේ මෝටර් රථය තුළ තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
ඔහු සටහනක් ලියා නිවසින් පිටව ගොස් ඇති බවට සිදු කරන ලද පරීක්ෂණ කටයුතු වල දී අනාවරණය වී තිබෙනවා.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් Lee Sun-kyun පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට පොලිස් විමර්ශන කටයුතු සඳහා කැඳවා තිබුණා.

