රුපියලේ සුළු ඉහළ යෑමක්

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 320.53 ක් ලෙස සහ විකුණුම් මිල රු. 330.38 ක් ලෙස සටහන් වී තිබෙනවා.

කෙසේවෙතත් විදේශ මුදල් තොගයකට සාපේක්ෂව සහ ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.