රන්බීර් – ආලියාගේ පුංචි දුව පළමු වරට මාධ්‍යට පෙන්වයි

රන්බීර් කපූර් සහ ආලියා බාත් කියන්නේ හොලිවුඩයේ ඉන්න ජනප්‍රියම ජෝඩුවක්.

එයාලගේ පුංචි දුවව මේ තාක් කාලයක් එයාල මාධ්‍යයට නොපෙන්න හිටියත් ඊයේ නත්තල් දවසේ රන්බීර් සහ ආලියා එයාලගේ පුංචි දුව එක්කම මාධ්‍යට පෙනී හිටියා…

ඒ එයාල කපූර් පවුලේ තිබුණ නත්තල් දවල් ආහාරයකට එක් වෙන්න යන අතරමග…

පුංචි බෝල රහා ට තියෙන්නේ එයාගේ සියා රාජ් කපූර් ගේ වගේ නිල් පාට ඇස්…

2022 නොවැම්බර් 06 වෙනි දා ඉපදුන රහා ට දැන් වයස අවුරුද්දක් වෙනවා.

මිට කලින් නම් රහා ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න කියල එයාගේ අම්මි අප්පච්චි එයාව මාධ්‍යට පෙන්නුවේ නැහැ.. ඉතින් ඊයේ රහා ව මෙහෙම දකින්න ලැබීමත් එක්ක එයාලගේ ආදරණිය රසික රසිකාවියන් ගොඩක් සතුටට පත් වෙලා තියෙනවා.

ඉතින් මේ බලන්නකෝ ඒ පුංචි පවුලේ ලස්සන..