ජනප්‍රිය ඇමරිකානු නළුවෙක් වන Vin Dieselට එරෙහිව ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Fast & Furious චිත්‍රපට මාලාවේ පස්වන චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දී Vin Diesel විසින් ලිංගික අතරවර කළා යැයි ඔහුගේ හිටපු පුද්ගලික සහකාරියාක වන ජොනාසන් නමැති තරුණියක් විසින් මෙම චෝදනා ගොනු කර තිබෙනවා.
ඇය සඳහන් කර ඇත්තේ එම සිද්ධියෙන් පැය කිහිපයකට පසුව තමාව රැකියාවෙන් ඉවත් කිරිමට ද Vin Diesel ක්‍රියා කළ බවයි.
මෙම සිදුවීම 2010 වසරේදී ඇට්ලන්ටා හි ශාන්ත රෙජිස් හෝටලයේදී සිදු වී ඇති අතර ඇය විසින් ඒ සඳහා නඩු පැවරීමක් සිදු කර ඇත්තේ සිද්ධියෙන් වසර 13කට පමණ වීම විශේෂත්වයක්.
කෙසේවෙතත් මෙම චෝදනා Vin Diesel විසින් ප්‍රතික්ෂේප කරන අතර ඔහුගේ නීතිඥවරයා ද සඳහන් කර ඇත්තේ කෙටි කාලින සේවකයෙක් විසින් මෙතරම් දීර්ඝ කාලයක පසු නඩුවක් පවරනු දුටු පළමු අවස්තාව මෙය වන බවයි.

