අදින් ආරම්භ වන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සඳහා ප්‍රමාණවත් තරම් බස් රථ යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.
කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු අවධාරණය කර ඇත්තේ මඟීන්ගේ පහසුව සඳහා වැඩි බස් ප්‍රමාණයක් යොදවා ඇති බවයි.
එසේම වේලාසනින් පැමිණිය හොත් තදබදයකින් තොර ව ගම්බිම් බලා යාමට හැකියාව ලැබෙනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.
කෙසේවෙතත් ගම්බිම් බලා ගොස් නැවත පැමිණීමේ දී එනම් පෝය සහ නත්තල් දිනවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් නිවාඩු ලබා ගැනීමට නියමිත බව ද ඔහු පැවසීය.
ඒ අනුව පෝය සහ නත්තල් දිනවල බස් ධාවනයේ යම් කිසි අඩුවක් පැවතිය හැකි බව යි සඳහන් වෙන්නේ.

