විදෙස්ගත වූ යුක්රේනුවන්ට ආරාධනයක්

රුසියානු ආක්‍රමණවලට සාර්ථකව මුහුණ දීම සඳහා යුක්රේනයේ යුධ ශක්තිය වැඩි කිරීමට විදෙස්ගතව සිටින යුක්රේන පිරිමි ජාතිකයන්ට එරට ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරාධනයක් කර තිබෙනවා.

අමාත්‍යංශය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ යුක්රේන හමුදාවට තවත් සෙබළුන් 500,000 පමණ බඳවා ගත යුතුව ඇති බැවින් සන්නද්ධ හමුදාවන් විසින් පවත්වාගෙන යනු ලබන බඳවා ගැනීමේ මධ්‍යස්ථාන වෙත හැකි වහාම වාර්තා කරන ලෙසයි.

යුක්රේන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඔවුන් සිය කැමැත්තෙන් මේ සඳහා ඉදිරිපත් නොවුණහොත් ඊළඟට ගන්නා පියවර සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවයි.

මෙම ශිත ඍතුවේ ද යුක්රේනයේ බලශක්ති මරමස්ථාන වලට රුසියාව විසින් ප්‍රහාර එල්ල කිරීමේ අවදානම වැඩි හෙයින් රට තුල විදුලිය සහ ගෑස් ඇතුළු බලශක්තිමය පහසුකම් නංවාලීම සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් මේ වන විට යොදවමින් පවතින බව වාර්තා වෙනවා.

ඒ සඳහා යුරෝ මිලියන 88.5ක පමණ ආධාරයක් කිරීමට ජර්මනිය ඉදිරිපත් වී තිබෙනවා.