අද පෙරවරුව වන විට ලොකු ළුණු කිලෝවක රුපියල් රුපියල් 650ත් 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණා.
පිටකොටුවේ ලොකු ළුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 500 ත් 600 ත් අතර පැවතුණු අතර තොග මිල දැක්වුණේ රුපියල් 450 ත් 500 ත් අතරයි.
මේ අතර ඉදිරි දින කීපයේදී ද මෙම ලොකු ළුණු තොග මිල තවත් ඉහළ යනු ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ සඳහන් කරනවා.

