රත්රන් මිල තවත් ඉහළට

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද දිනයේ තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වෙළඳපොල දත්ත සඳහන් කරනවා .

ඒ අනුව කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 172,600 ක් දක්වා සහ, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 188,200 ක් දක්වා අද දිනයේ ඉහළ ගොස් තිබෙනවා.,

එසේම රත්තරන් අවුන්සයක මිල රුපියල් 666,700 ක් දක්වා ද වැඩි වී ඇති බවයි වාර්තා වෙන්නේ.