කුමන බලපෑම් පැමිණියත් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව

කුමන බලපෑමක් පැමිණියත් ‘යුක්තිය’ මෙහෙයුම කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙන්වා දෙනවා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

තිස් වසරක යුද්ධය නිමා කිරීමට ජනතාව ලබා දුන් සහාය මේ මොහොතේදි රටටම පිළිලයක්ව පවතින මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහාත් ලබා දෙන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කරනවා..

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.