මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ඓතිහාසික මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

මිහින්තලා පුදබිම යනු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත උතුම් බෞද්ධ දර්ශනය සංස්පර්ශය තිළිණ කළ ථේරවාද මහාවිහාරීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානය බවයි උන් වහන්සේලා පෙන්වා දී තිබෙන්නේ.

අදාළ ලිපිය පහතින්,