ලබන වසරේ එකතු වන දේපල බද්ද

2025 වනවිට රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ලබන වසරේ සිට දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම ඉතාම අනිවාර්ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බවර් මහතා සඳහන් කර තිබෙනවා.

ඊට පෙර රටේ සියලු දේපළ නිසි ලෙස තක්සේරු කළ යුතුවන අතර අනතුරුව ඒ සඳහා බදු අය කිරීමක් සිදු කළ යුතු බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

එසේම බදු අයකරන දේපළ නිසි ලෙස ලියාපදිංචි කර තිබීමද අවශ්‍ය වනවා.

ශ්‍රී ලංකාව අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා නැති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම යෝජනා ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.