ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම මහතා අද උදෑසන මහනුවර ප්‍රදේශයේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට එතුමා 77 වන වියෙහි පසු වූ අතර කලක සිට ඔහු අසනීප තත්ත්වයකින් පසුව සිට තිබෙනවා.

තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයටය තුළින් රංගනයට අත්පොත් තැබූ ලයනල් වික්‍රමයන් එහි බේබි මහත්තයා ගේ චරිතය නිරූපනය කරනු ලැබුවා.

අනතුරුව ලංකාවේ නිෂ්පාදිත පළමු ටෙලිනාට්‍ය ලෙස රූගතවුවද විකාශනය වනවීට ලංකාවෙ හතරවෙනි ටෙලිනාට්‍යය වන “ගඟුලෙන් එගොඩට” යන ටෙලිනාට්‍යයේ ද රංගනයට දායක වුණා.

රැකියාවෙන් චිශ්‍රාම ගත් පසු රඟපෑම ජීවිතේම කොටසක් වී ඇති අතර ඒ තුලින් මහත් ආත්ම තෘප්තියක් ඔහු ලැබූ බවයි ඔහුගේ පවුලේ සමීපතයෙකු සඳහන් කළේ.