Google විසින් පසුගිය දා සිය නවතම AI language එක වන Gemini Pro හඳුන්වා දෙනු ලැබුවා.
එය දැනට පවතින සියලු AI languages අභිබවා යෑමට සමත්, කාර්යක්ෂමන්තාවයෙන් සහ තර්කන හැකියාවෙන් ඉහළ model එකක් බවයි සඳහන් වෙන්නේ.
මෙහි ඇති 32K context window හරහා අනෙකුත් chatbots වලට සාපේක්ෂව වඩාත් දිගු වූ විමසුම් (prompts) ඉතා සියුම් ලෙස ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ හරහා පරිශීලකයන්ගේ අවශ්‍යතාවයට වඩාත් ගැලපෙන පරිදි ප්‍රතිචාර දැක්විය හැකි වනවා.එසේම ඒ ප්‍රතිචාර ද අනෙක් ඒවාට සාපේක්ෂව වඩාත් දියුණු ඒවා වන බවයි Google සඳහන් කරන්නේ.
Gemini pro භාෂා 38කින් භාවිතා කළ හැකි වන අතර developers, researchers ඇතුළු බොහෝ දෙනාට වඩාත් උපකාරී වන AI model එකක් ලෙස Google එය හඳුන්වා දෙනවා.
Google AI Studio හරහා Gemini Pro පහසුවෙන් ලබා ගත හැකි අතර එය ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමට පහසු ලෙස සකසා තිබීම විශේෂත්වයක්.
එසේම Gemini API සහ Vertex AI හරහා ද Gemini Pro භාවිතා කළ හැකි වනවා. එහි දී එය ඔබට අවශ්‍ය ආකාරයට code කරමින් සකසා ගැනීමේ පහසුකම ද ලබා දී ඇත.
Google විසින් මින් පෙර හඳුන්වා දුන් AI Chatbot එකක් වන Google Bard හරහා ද Gemini Pro හි යම් යම් පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.
මේ වන විට Gemini Pro භාවිතය සඳහා ගාස්තු ගෙවීමක් සිදු කිරීමට නොතිබුණත් ඉදිරියේ දී ඒ සඳහා යම් ගෙවීමක් සිදු කිරීමට සිදු වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

