දමිළ සිනමාවේ ප්‍රවීණයෙක් අභාවප්‍රාප්ත වෙයි

දමිළ සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ Ramarathnam Sankaran හෙවත් Ra.Sankaran මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූ ඔහු අභාවප්‍රාප්තවන විට 92වන වියේ පසු වුවා.

1931 දී උපත ලද මෙතුමා 1974 – 1999 යන කාලය තුළ දමිළ සිනමාවේ කැපී පෙනෙන චරිතයක් වුණා.

Onne Onnu Kanne Kannu චිත්‍රපටයෙන් සිය චිත්‍රපට අධ්‍යක්ෂක ජීවිතය ආරම්භ කළ සංකරන් මහතා විසින් දමිල චිත්‍රපට 08ක් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

එසේම Sevagan, Abhirami ආදී වශයෙන් විශාල දමිල චිත්‍රපට ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබෙනවා.