එංගලන්තයේ ඈන් කුමරිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එහි දැක්වෙන්නේ එළඹෙන ජනවාරි මස 10 වනදා සිට 13 වනදා දක්වා ඇය මෙරට සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවයි.
ඈන් කුමරිය සමග ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගී වීම සඳහා ඔවුන් මෙරටට පැමිණෙන බව සඳහන්ය.

