වෛද්‍ය ඉංජිනේරූ, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් අද විරෝධතාවයක

වෛද්‍ය ඉංජිනේරූ, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් අද (13) විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා.

ඉතා ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමිනුයි මෙම විරෝධතාව දියත් කිරීමට සැලසුම් කර ඇත්තේ.

මෙම විරෝධතා ක්‍රියාමාර්ගය උදෑසන 9.00 සිට පාර්ලිමේන්තු පිවිසුම අසල දී සිදුකිරීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.