ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කරමින්, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද නොවැම්බර් මස 05 වනදා අංක 2356/43 දරණ ගැසට් පත්‍රය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල, කාර්යයන් හා රාජකාරි ඉටුකිරීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කළ එම අතුරු කමිටුව විසුරුවා හැර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඉවත් කිරීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රයට අත්සන් තැබූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.


