තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 07ක් ගොඩ ගැසෙයි

ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පෙරේදා (10) පස්වරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

එය අද පස්වරු 04:00ට අවසන් වීමට නියමිතව තිබෙනවා.

මෙම සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා ලිපි සහ පාර්සල් ලක්ෂ 07ක් පමණ තැපැල් කාර්යාලවල ගොඩගැසී තිබෙන බව වාර්තා වෙනවා.

එසේම මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 04 ක් ගොඩගැසී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.