ජනවාරි සිට පෙට්‍රල් ඩීසල් වලට වෙන්න යන දේ

නව VAT පනත සමගින් ලබන ජනවාරි මස 1 වැනිදා සිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 62.37 කින් ඩීසල් ලීටරයක් රුපියල් 59.22 කින් ඉහළ යන බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 400 ට වැඩි මිලකට ද, ඩීසල් ලීටරයක් රුපියල් 400 ට ආසන්න මිලකට ද අලෙවි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්ධන සඳහා මේ මොහොත වන විට බදු වර්ග හතරක් වෙමින් ඉන්ධන ලීටරයකින් පමණක් රුපියල් 125 කට අධික බදු මුදලක් රජය ලැබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව ඉන්ධන බදුවලින් ආණ්ඩුව මසකට රුපියල් කෝටි 1500 කට අධික මුදලක් ලැබෙනවා.

මේ වන විට ඩීසල් ලීටරයක මිල රුපියල් 329 ක සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 346ක් ලෙස දැක්වෙනවා.

මේ අතර ඉන්ධන ගාස්තු ඉහළ යෑමත් සමඟ ජනවාරි 1 වැනිදා සිට විදුලි සහ ජල ගාස්තු ද ඉහළ යන බව යි ආනන්ද පාලිත මහතා වැඩි දුරටත් සඳහන් කළේ.