එළැඹෙන වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ සංක්‍රමණිකයින් 250,000කට පමණක් බවයි සද්නහන් වෙන්නේ.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාවට සමාන බවය.
එසේම විදෙස් රටවලින් පැමිණෙන ශිෂ්‍යයින්ට සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා ද වීසා නීති දැඩි කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
පසුගිය වසර කිහිපය තුළදී ඔස්ට්‍රේලියාවේ විදෙස් සංක්‍රමණිකයින් විශාල ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් එරට තුළ නිවාස ගැටලුව ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ක්ලෙයා ඔ’නීල් විසින් අද දින වසර 10ක් සඳහා වූ සංක්‍රමණික සැලැස්ම එළි දක්වමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
2023 වසරේ ජුනි මාසය වනවිට ඔස්ට්‍රේලියාවට විදෙස් රටවලින් 510,000ක පිරිසක් සංක්‍රමණය වී ඇත.

