උත්සව සමයේදී ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළදපලට නිකුත් කිරීමට එරෙහිව දැඩි පියවර ගන්නා බව කෘෂි කර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදීයි.
කුඩා පරිමාණ මෝල් හිමියන් විසින් නිෂ්පාදන කර වෙළදපොලට නිකුත් කරන පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටළු ඇති බවත් එම නිසා එම නිෂ්පාදන ප්‍රමිතිගත කිරිම සදහා වැඩ පිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කරනවා.
එසේම ඊට සමගාමිව යමින් මේ පිළිබද පාරිභෝගික ජනතාව ද දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ගෙන යන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

