ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් අනිද්දා(10) පස්වරු 4 සිට ලබන 12 වනදා මධ්‍යම රාත්‍රි 12 දක්වා යළි සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.
ඒ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීම, අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සමඟතැපැල් වෘත්තීය සමිති සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.
එසේම තැපැල් වෘත්තීය සමිති අද(08) පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක ද නිරත වුණා

